no info
🕗 opening times
Monday | ⚠ | |||||
Tuesday | ⚠ | |||||
Wednesday | ⚠ | |||||
Thursday | ⚠ | |||||
Friday | ⚠ | |||||
Saturday | ⚠ | |||||
Sunday | ⚠ |
Gampaha, Sri Lanka
contacts phone: +94
larger map & directionsLatitude: 7.0047264, Longitude: 80.0595835
Rev vimukthi kd
::ඓතිහාසික ස්ථානයකි. ඉතා වැදගත් සේවාවක් ඉටුකරයි. මේ පිරිවෙන පිළිබඳව මූණු පොතේ ශාලික මිල්ලවාගේ නැමැත්තෙක් තැබූ සටහනක් උපුටා දක්වමි. එය පතින් වේ. කෝට්ටේ යුගය සිංහල සාහිත්‍යයේ ප්‍රබෝදයක් ඇති කල " ස්වර්ණමය යුගය" විය. සිංහල සාහිත්‍ය කෘති බොහෝඅ ගනනක් මෙකල බිහි වූ අතර බුද්ධ ධර්මය, ස්ංහල, සාහිත්‍ය, පාලි සන්ස්කෘත, වයිධ්‍ය අර්ත ශාස්ත්‍රය, නක්ශස්ත්‍රය, දේශපාලනය වැනි විශයන් දෙස් විදෙස් ගිහි පැවිදි දෙපාර්ශවයටම පිරිවෙන් අධ්‍යාපනය මගින් ලබා දෙන්නට විය.බුදුගුණ අලන්කාරය, ගුත්තිල කාව්‍ය, ලෝවැඩ සගරාව වැනි උසස් නිර්මානද බිහි විය. ගම්පහ දිස්ත්‍රික්කයේ හේනේගම ගම ආසන්නයේ කෑරගල පද්මාවතී පිරිවෙන පිහිටා තිබේ.වැලිවේරිය නගරයේ සිට මෙන්ම දෙල්ගොඩ මූකලාන හරහාද කෑරගල පත්මාවතී පිරිවෙනට ලගාවිය හැකිය. කෝට්ටේ යුගයේ 4 වන විජයබාහු බාහු රජු විසින් කෑරගල පත්මාවතී විහාරය සෑදූ අතර 6 වන පරාක්‍රමබාහු රජ සමයේ ( ක්‍රි ව.1415- 1468) කෑරගල පද්මාවතී පිරිවෙන ආරම්භ කල බව කියවේ. දෙස් විදෙස් ගිහි පැවිදි දෙපාර්ශවයම වෙනුවෙන් අද්‍යාපනය ලබා දුන් එකල වඩාත් ප්‍රචලිත වූ පිරිවෙනකි. කෑරගල පද්මාවතී පිරිවෙන සහ ජයවර්ධනපුර ශ්‍රී රාජගුරු වනරතන හිමි පිලිබදව හංස සන්දේශයේ මනාව වර්ණනා කර තිබේ.ඒසේම එකල පරිවේනාදිපතිව සිටියේ ( ක්‍රි ව. 1467- 1476) ජයවර්දනපුර වනරතන සංඝරාජයානන් වහන්සේය. කෝට්ටේ යුගයේ රචිත හංස සන්දේශයට විශේශ තැනක් හිමි වේ.වීදාගම මයිත්‍රී හිමි විසින් ලියන ලද හංස සන්දේශයේ එන පද 206කින් සමන්විත වන “කෑරගල වෙහෙර වැනුම” එහි රසහ දෙගින තෙගුන කරන්නට සම්ත් විය.ජයවර්දනපුර කෝට්ටේ නගරයේ සිට කෑරගල පත්මාවතී පිරිවෙන වෙත පනිවිඩය රැගෙන එන දූතයා වන්නේ හංසයාය.හංසයා යනු පිවිතුරු බවේ ලක්ශනයකි, කාරගල වෙහෙර වැනුම පුරාවට මෙම පිවිතුරු බව අනුගත වූ කවි 16ක් දැකිය හැකිය.වනරතන හිමිට අස්න පිලිගන්වන්නට පෙර හංසයා දකින කෑරගල ගමේ සුන්දරත්වය සශ්‍රීකත්වය මෙන්ම බෞද්ධ පරිසරය ශාන්ත නිසසල බව තව තවත් කෑරගල වෙහෙර මගින් ඔප් නන්වන්නට මේ මගින් සමත් වී ඇත. මෙම වර්නනාව මගින් එදා ගමක පැවති ඇව්‍යාජත්වය දැක දුටු ලෙසින් කියා පෑමට කවියා සමත් වී තිබේ.එමෙන්ම මෙම වර්ණනාව තුලින් කෑරගල ගමේ සුන්දරත්වය මෙන්ම බෞද්ධ පරිසරයද විස්තර කර තිබේ. සාරඵලය අඹදඹ රඹද වල් පිට මීරජලය ඇළ දොළ කදු පිටින් බට නෑරලොලය වඩවන දුටු දනන් හට කෑරගලය වැජබෙයි මේ ලෙසින් සිට එදා ඔනෑම ගමක අඹ ජම්බු කෙසෙල් වලින් සමන්විතව වඩාත් සස්‍රීකව තිබෙන්නට ඇත. ඇල දොල වලින් ගලා බසින පිරිසිදු ජලය දකින්නෙකුගේ නෙතට රසදුනක් වන්නට ඇත.ජලජ ශාක මෙන්ම ඒවායේ පිරී ඇති පුශ්පයන් පිරී ඇති විට දකින සුන්දරත්වය කියා පෑමට කවියාට අපූරු දක්ශතාවයක් තිබේ. පැසෙයි නිබද සුවදැල් කෙත්වත් අවට ඇසෙයි ළමා වසු පැටියන් හඩ දුරට දිසෙයි වෙහෙර එහි සුරවිමනක් ලෙසට රසෙයි අමා රසමය ඒ පියස දුට යල මහ දෙකම සුවදැල් වී පැසෙන කෑරගල ගම, බත බුලතින් සස්‍රීක වූ බවද, ලමා වසු පැටවුන් හඩ නිරන්තරයෙන් ඇසීමෙන් ගම ගව සම්පතින් ස්වයන්පෝශිත බවද කිරෙන් අඩුවක් නැති බවද කියා පායි. පවනත පිපි තුරේය නිර තුරේය කුසුමින් පෙතිතුරේය මල් තුරේය අවට සුපිපි සරේය බිගු සරේය සිත ඒ වෙහෙර කෙරේය ලොබ කෙ ගමේ සුන්දරත්වයට වශී වූ කවියා, විහාර බිමේද සුන්දරත්වයටද වශී වේ.තුරුමත කුසුම් වැලි මත වැටෙන ආකාරයත් බිගු ගී නාදයත් කවිය ගායනා කිරීමේදී සවනට ඇසෙන්නා මෙනිය. ශාලක මිල්ලවගේ 2017 ජනවාරි මස 13 වන දින දීය.