open
🕗 opening times
Monday | open 24 hours | |||||
Tuesday | open 24 hours | |||||
Wednesday | open 24 hours | |||||
Thursday | open 24 hours | |||||
Friday | open 24 hours | |||||
Saturday | open 24 hours | |||||
Sunday | open 24 hours |
Madawala, Sri Lanka
contacts phone: +94
larger map & directionsLatitude: 7.3295576, Longitude: 80.6690971
Fathima Nusra
::Ashfak Ahmad
::One of the oldest and historic inscription found in Madawala Kandy. Which provide evidence in the presence of old kings in this area. As it is located just little inside from the main road and surrounded by many houses it's historic value just decrease every period. We don't see tourist or any others usually visit to see it. Hope government should take measure in making it a tourism place.
Udara Nandasena
::ඇති \'ආචාරි\' යන්න රිදීවැඩකරු ලෙස සඳහන් කර තිබේ.ප්‍රදානය ලත් අය කුමන ශේර්ණියක වුවද මේ දීමනාවේ වැදගත්කම වනුයේ රජකුට, උප රජකුට හෝ මහ ඇමැතිවරයකුට හෝ මේ දීමනාවට අවහිරයක් කළ නොහැකි බව සඳහන් කිරීමයි. එය තවද සංකේතානුසාරයෙන් දක්වා ඇත්තේ වෙනත් අයෙක් බුක්ති විඳීමක් හෝ පැහැර ගැනීමක් සිදු කළහොත් බලු කපුටුව උපදින බවට ශාප දැක්වීමයි.සාමාන්‍යයෙන් පැරැණි සෙල්ලිපි අතරේ මේ ආකාර ශාප ලකුණු සහ ශාප පාඨ සඳහන්ව ඇත. ඒ තුනුරුවන් සන්තක දේපළ වෙනුවෙනි. මේ සම්බන්ධයෙන් මහාචාර්ය ටී.ජී. කුලතුංගයන් පොතක්ම එළි දක්වා තිබේ. ගිහි පුද්ගලයකුට දෙන ලද දීමනාවක් සම්බන්ධයෙන් ඒ සා විශේෂ සැලකිල්ලක් දක්වා ඇත්තේ එකී ශිල්ප ශේර්ණියේ අවශ්‍යතාව හෝ වැදගත්කම සලකාගෙන විය හැකිය.ලිපිය ලියූ වකවානුව අනුව මෙයට වසර 556ක් ගතවී තිබේ. ලිපියේ සඳහන් ආකාරයට හා හඳුනාගෙන ඇති පරිදි සයවැනි පරාක්‍රමබාහු රාජ්‍ය සමය ක්‍රි.ව. 1459 සමයට පමණ අයත් වේ. සාක්‍ෂිකරුවන් ඉදිරිපිට ලියාදුන් දේපළ සම්බන්ධ පැරැණි ලියැවිලි දුර්ලභය. ඒ අතින් මේ ලිපිය විශේෂ වෙයි.
Chinthaka Nandasena
::මේ සටහනෙන් අදහස් කැරෙනුයේ ඉහත ලිපිය ගැන සුළුවෙන් යමක් ඉදිරිපත් කිරීමය.\"අෑපාණ හා ජෝති සිටාන වෙමු. සිරිසඟ බෝ ශ්‍රී පරාක්‍රමබාහු චක්කවර්ති ස්වාමීන්වහන්සේ රජ පැමිණ සතළිස් සයවැනි වර්ෂයේදී දුම්බර බද ගම් සැලැස්මේ මඩවල කුඹුර සය අමුණක වපසරිය ඇති බිම හා එකී ගම්මුදල ද ගහ කොළ වතුපිටි සියල්ල සිද්දවුල්ලේ ආචාරි පරමණයාට හා ඔහු පුත්‍ර සූරියාට ඉර හඳ ඇති තාක් පවතින ලෙසට දීමය. මෙයට ඉදිරියේදී රජ, උපරජ, මහ ඇමැති ආදී කවරෙකුට වුවද අවුලක් උද්ධරණයක් කළ නොහැකිය. දන්තොටවතුරෙ දෙවන් හා දිවානවත්තේ ලංකා අධිකාරීන් ඉදිරියේ මෙම දිවෙල්පත්කඩ දුම්බර අගම්පඩි දස දෙන මධ්‍යයේ කෙට වූ ශිලා ලේඛනයයි\"මේ මඩවල සෙල්ලිපියේ අන්තර්ගතයයි. ඉහත ශිලාලේඛනය පිහිටුවා ඇත්තේ මහනුවර - කටුගස්තොට - වත්තේගම මාර්ගයේ මඩවල නම් ග්‍රාමයේය.වටකුරු සිංහලාක්‍ෂරයෙන් පේළි 21කින් සමන්විත මෙම ලිපිය සකසාගත් කළුගල් පසුතලයේ ලියා ඇත. ලිපියෙහි තුන් පොළක සලකුණු නවයක් ඇත්තේය. එපිග්‍රැපියා සෙලනිකා සංග්‍රහයේ දෙවැනි කාණ්ඩයට මේ ගැන විවරණයක් එච්.ඩබ්ලිව්. කොඩ්රින්ටන් මහතා විසින් සපයනු ලැබ තිබේ. එහි ඇති ලකුණු කීපය අතුරින් ඉර, හඳ, කපුටා සහ සුනඛ රූ හඳුනා ගැනීම පහසුය.කොඩ්රින්ටන් මහතා දක්වනු ලැබ ඇති සෙසු ලකුණු වන්නේ මිටිය, කිණිහිර, අඬුව යන ආයුධ කට්ටලයි. මෙයින්ද එක් තැනක හඳ, ඉර සමඟ මිටිය හා කිණිහිර සටහන්ව ඇත. තවත් තැනක මිටිය, කිණිහිර හා අඬුව සටහන්ව තිබේ.මිටිය, කිණිහිර හා අඬුව යන ආයුධවලින් නිරූපණය වන්නේ ලෝහ වැඩ සිදුකළ ශිල්ප ශේර්ණියේ සංකේත වේ. හඳ, ඉර ලකුණු දෙකින් කියනුයේ ඉර හඳ පවතිනා තේකට පවරා ඇති බවයි. එය ලිපියේද සඳහන්ව තිබේ. බලු කපුටු රූප දෙකින් අදහස් වන්නේ එකී දේපොළ වෙනත් අයකු අත්පත් කර ගතහොත් බලු කපුටන්ව දෙවැනි ආත්මයේදී උපදින බවයි.ලිපියේ පුද්ගල නාම කීපයකි. ඒවා සිරිසඟබෝ, ශ්‍රී පරාක්‍රමබාහු, ජෝති, පරමණයා, සූරියා, දෙවන් හා ලංකා අධිකාරීන් යන නම් වේ.මෙහි තනතුරු නාම කිහිපයක් ද ඇත. අෑපාණ (ඇපා), සිටාන, රජ, යුවරජ, මහා අමාත්‍ය හා අගම්පඩි යන තනතුරු වෙයි. ආචාරි යන්නෙන් ශේර්ණිය සඳහන් වේ. දුම්බර, මඩවල, සිද්දාවුල්ල, දන්තොටවතුරෙ, දිවානවත්ත යනු මෙහි එන ස්ථාන නාමයි.ගම් සැලැස්ම හා දිවෙල්පත්කඩ යන වචන දෙක විශේෂ අවධානයට ලක්කළ යුතු වචන දෙකකි. \'දුම්බර\' යන්න දෙපොළක මෙහි ඇත්තේ \'දුමවර\' ලෙසිනි. මෙහි ඇති ස්ථාන නාම සියල්ලක්ම මහනුවර ආශ්‍රිතව අද ද ව්‍යවහාර වේ. දුම්බර පුළුල් ප්‍රදේශයකි. මඩවල අදටත් එහිම පවතී. සිද්දාවුල්ල වනාහි උඩුනුවර හිද්දවුල විය හැකිය. දිවානවත්ත හාරිස්පත්තුවේ බටුගොඩට ආසන්නව පිහිටයි. දන්තොටවතුරෙ යනු නම්පොතෙහි සඳහන් දන්තොටවතුර විය හැකිය. එනම් මෙය යටිනුවර දන්තුරේ විය හැකිය.මෙම ඓතිහාසික ලේඛනයේ අන්තර්ගය අනුව රාජකීය ප්‍රදානයක් දීම, එය ලැබී, අත්සන් තැබූ අය, සාක්‍ෂියට සිටි අය හා ආරක්‍ෂාවට සිටි අයද හෙළි වෙයි. සිරිසඟබෝ ශ්‍රී චක්‍රවර්ති ස්වාමීන් වහන්සේ යනු සයවැනි පැරකුම්බා රජු බව මහාචාර්ය මැන්දිස් රෝහණදීර සූරීන් මෙන්ම එච්.ඩබ්ලිව්. කොඩ්රින්ටන් මහතාද හඳුනාගෙන තිබේ.එමෙන්ම මෙහි අත්සන් තැබූ අය වූ \'අෑපාණ හා ජෝතිසිටාණ\' යන අයද මහාචාර්ය මැන්දිස් රෝහණදීරයන් මැනවින් විස්තර කර තිබේ.සයවැනි පරාක්‍රමබාහු රජු කෝට්ටේ රජකම් කළ ද උඩරට ප්‍රදේශ තම ඉහළ නිලධාරීන් යටතේ අධීක්‍ෂණය වූ බව මේ ලිපියේ එන අෑපාණ හා ජෝතිය සිටාන යන අයගෙන් පෙනේ. එමෙන්ම සිද්දවුල්ලේ ආචාරි පරමණයාට සහ ඔහුගේ පුත්‍රයාට මඩවල ගම් සැලැස්මෙන් කුඹුරු අමුණු හයක වපසරිය හා සෙසු බෝග පවරාදී ඇත්තේ, දන්තොටවතුරේ දෙවන් සහ දිවානවත්තේ ලංකා අධිකාරීන්ගේ සාක්‍ෂි මතය. රජු මෙහි නොසිටියත් එය සනාථ කැර ඇත්තේ ඉහත සඳහන් නිලධාරීන් දෙපළය. මේ සියල්ලක්ම සිදුව ඇත්තේ මේ ලිපියේ සඳහන් ආකාරයට දුම්බර අගම්පඩි දස දෙනාගේ අධීක්‍ෂණය මධ්‍යයේය.අගම්පඩි යනු කවුරුන්ද? මේ අය සම්බන්ධයෙන් විවිධ සාධක ඇති අතර ඉන් බොහෝ තොරතුරු එච්.ඒ.පී. අභයවර්ධන සූරීහු සිය \'කඩඉම්පොත්\' විමර්ශනය ග්‍රන්ථයේ පළකර තිබේ. රජයේ හමුදාවට අයත් භට පිරිසේ අගම්පඩි සෙබළුන් සිටි බව ඉන් ගම්‍ය වේ. එසේ නම් මඩවල ලිපියේ සඳහන්ව ඇති \"දුම්බර අගම්පඩි දස දෙන\" යන්නෙන් දුම්බරට එකී සෙබළුන් දස දෙනෙක් සිටි බව හැඟේ.උක්ත ලිපියේ සඳහන් විශේෂ වදනක් වන \'දිවෙල් පන්කඩ\' යන්න විමසා බැලීමද යෝග්‍ය වේ. ශ්‍රී සුමංගල සිංහල ශබ්දකෝෂයට අනුව; එය දිවෙල් ඉඩමක් දීමේදී ලියන ලියවිල්ල ප්‍රවේණි මෙහෙයක් ස¼දහා දුන් පරවේණි ඉඩම, යන්න අදහස් කෙරේ.මහාචාර්ය සිරිමල් රණවැල්ල සූරින්ට අනුව, දිවෙල් යනු බෝග ග්‍රාම; රාජ්‍ය සේවකයන්ට ඔවුන්ගේ ජීවිකාව ගෙනයෑම සඳහා තම මෙහෙය වෙනුවෙන් පවරා දෙනු ලබන ගම්බිම් අදහස් වේ. දිවෙල්පත්කඩ යනු දිවෙල් ප්‍රදානය පිළිබඳ ලියැවිල්ල බව හෙතෙම සිය සිංහල සෙල්ලිපි වදන් අකාරාදියේ සඳහන් කරයි.මේ කරුණු අනුව මඩවල ලිපියේ සඳහන් සිද්දාවුල්ලේ ආචාරි පරමණයාට සහ ඔහු පුත් සූරියා යන දෙදෙනගේ රාජකාරි මෙහෙය වෙනුවෙන් දුන් දීමනාවක් බව පැහැදිලිය. මෙහි කුමන රාජ්‍ය සේවයක්ද යනු ස්ථිරව සඳහන් නැත