no info
🕗 opening times
Monday | ⚠ | |||||
Tuesday | ⚠ | |||||
Wednesday | ⚠ | |||||
Thursday | ⚠ | |||||
Friday | ⚠ | |||||
Saturday | ⚠ | |||||
Sunday | ⚠ |
Anuradhapura, Sri Lanka
contacts phone: +94
larger map & directionsLatitude: 8.3577478, Longitude: 80.3989131
Mevin Rashmika
::ක්‍රි.පු. පස්වන සියවසේදී පමණ පණ්ඩුකාභය රජතුමා විසින් අනුරාධපුර නගරය හා බලකොටුව ඉදිකරන්නට ඇතැයි සැලකේ. පසුකාලීනව අනුරාධපුර ඇතුල් නුවර බලකොටුව කුටකන්නතිස්ස, වසභ ආදී රජවරුන්ගේ කාලයේ තව දුරටත් සංවර්ධනය කෙරින. මේ බල කොටුව දිය අගලකින් හා උස් ප්‍රාකාරයකින් වටවී තිබිණ. සිව් දිසාවට වාහල්කඩ දොරටු සතරක්ද තිබී ඇත. වර්තමාන ථුපාරාම මාවතට උතුරින් පිහිටි ප්‍රදේශය ඇතුළු නුවරයි. මෙහි අනුරාධපුරයේ අනෙක් පුරාවිද්‍යා ස්ථාන තරම් විමර්ශනයට භාජනය වී ඇති බවක් නොපෙනේ. නගරයේ දකුණු දොරටුව පිහිටි ප්‍රදේශයේ කැනීම් කර ඇතත් දැනට එතරම් මහජන අවධානයට ලක්ව නැත. මේ ඇතුළු නුවර ප්‍රදේශයේ පෞද්ගලික නිවාස හා නොයෙක් පෞද්ගලික ඉදිකිරීම් තිබෙනු දැකිය හැක. එසේ වුවත් මේ ප්‍රදේශය තුල වැදගත් ප්‍රධාන ස්මාරක හතරක් සංරක්ෂණය කර තිබේ. ඉන් පළමුවැන්න රජ මාලිගාවයි. ථුපාරාම මාවත පසුකොට සංගමිත්තා මාවත ඔස්සේ උතුරට මීටර් 230 ක් පමණ ගියවිට වම්පස පළමුවන විජයබා රජමාලිගයේ නටබුන් දැකිය හැක. 11 වන සියවසේ චෝල පාලනයෙන් රට මුදවාගත් පළමුවන විජයබාහු රජතුමාගේ රාජාභිෂේක මංගල්ලය ක්‍රි.ව. 1073-74 පමණ කාලයේ අනුරාධපුරයේදී උත්සවාකාරයෙන් පැවැත්වීන. විජයබාහු රජතුමාගේ වාසස්ථානය වුයේ පොළොන්නරුවේ බැවින්, මෙය රාජාභිෂේකය සඳහා තාවකාලිකව ඉදිකළ රජමාලිගාවක් ලෙස සැලකේ. ලංකාව එක්සේසත් කොට රජකම ගන්නට උදව්කල බුදල්නාවන් නම් සෙනවියාට පනාකඩු සන්නස පිලිගැන්වුයේ මෙහිදී බව සඳහන්ය. මේ ගොඩනැගිල්ලේ බාහිර කොටස සමග දිග අඩි 216 කි. පළල අඩි 128 කි. මැද ඇති මාලිගාවේ දිග අඩි 72 කි. පළල අඩි 64 කි. මිට ඇතුළුවන දොරටුව දෙපස කුවේරයාගේ අතවැසියන් ලෙස සැලකෙන සංඛ හා පද්ම යන බහිරව රුප කැටයම් කොට ඇති මුරගල් දෙකකි. ගඩොලින් නිමකොට බදාම පිරියම් කොට සිතුවම්ද ඇඳ තිබු බිත්ති වල නටබුන් දැනට සංරක්ෂණය කර ඇත. දෙවැනි ස්මාරකය දළදා මාළිගාවයි. කිත්සිරි මෙවන් රජ දවස ලංකාවට වැඩමවූ දන්ත ධාතුන් වහන්සේ පළමුව මේඝගිරි විහාරයේ තැන්පත් කල බවත් පසුව ඇතුළු නුවර වඩා හිඳුවා එහි භාරකාරීත්වය අභයගිරි විහාරයට පවරාදුන් බවත් වංශ කතාවල දැක්වේ. එහෙත් ඇතුළු නුවර දළදා මාළිගාව කුමක්ද යන්න පිළිබඳව විවිධ මත පලවී ඇත. කෙසේ වෙතත්, දැනට දළදා මාළිගාව ලෙස හඳුනාගෙන ඇති ගොඩනැගිල්ලේ නටබුන් විජයබාහු මාලිගයේ සිට තවත් මීටර් 250 ක් පමණ සංගමිත්තා මාවත ඔස්සේ උතුරු දෙසට ගොස් දකුණු පසට හැරි තවත් මීටර් 100 පමණ ගීයවිට හමුවේ. අඩි 50 ක් පමණ දිග හා පළලින් යුත් මේ ගොඩ නැගිල්ලේ ශෛලමය දොර, ජනෙල් ආදිය ශේෂව තිබෙනු දැකිය හැක. මධ්‍යයේ ආසනයක්ද දක්නට ලැබේ. පසෙක තවත් ගොඩ නැගිල්ලක නටබුන් ඇත. චෝල ආක්‍රමණයට පෙර තිබු දළදා මැ දුර විනාශ වූ බැවින් ක්‍රි.ව. 956 – 972 කාලයේ රජුවූ හතරවන මහින්ද රජතුමා කරවූ දළදා මාළිගාව මෙය විය හැක.
Manoj Asanka
::manusha de silva
::Ancient palace made by King vijayabahu in 11 th century,still wall & some paints there.